Pages

Sunday, September 5, 2010

ඔන්න දෙවැනි පාඩමත් දැම්මා...

අපි PHP කේතයක් ලියුවට අපි තාම PHP වල තියෙන ගතිලක්ෂන (Characteristic's ) ටික ඉගෙන ගත්තේ නැහැ නොවැ තව ටිකෙන් එක අමතක වෙනවා

1. මෙක සාමාන්‍යයෙන් Case-Sensitive Language එකක් (හැම වෙලාවකම නෙමයි හොදේ...) ඒ කියන්නේ ඔයා ලියන එකේ කැපිටල් සිම්පල් අකුරු අනුව Code එක වෙනස් වෙනවා
දැන් ඉතින් අපිට Case Sensitive වෙන තැන් සහා නොවෙන තැනුත් හොයලා බලන්න වෙනවා එකත් මහ කරදරයක් නේද.?..

Case Sensitive නොවෙන තැන් .... ( ඒ කියන්නේ Case Insensitive වෙන තැන්)

  • User-Defined classes and functions (ඒ කියන්නේ අපි හදන classes සහා functions)
  • Built-in Constructs and Keywords (ඒ කියන්නේ PHP ඇතුලෙ තියෙන Constructs සහා Keywords)
උදාහරණයක් ගත්තොත් අපිට echo එක මෙහෙම ලියන්න පුලුවන් මේ සේරම වැඩ කරනවා

echo "hello, world"; 
EcHo "hello, world";
ECHO "hello, world"; 

Case Sensitive වෙන තැන්
  • Variable අනිවාර්යයෙන් ම Case-Sensitive

උදාහරණයක් ගත්තොත් අපි මෙ වගේ variables ටිකක් හදා ගත්තොත්
$name, $NAME$NaME මෙවා එකිනෙකට වෙනස් Variable තුනක් අපි මෙවා පස්සේ හදනවා එක නිසා බය වෙන්න එපා Ok


2. සෑම ප්‍රකාශනයක්( අවසානයේ අනිවාර්යයෙන්ම අගට Semicolon(;) දැමිය යුතුයි.


තව තොගයක් තියෙනවා එත් දැනට ඔය ඇති..ඉතුරු ටික පස්සේ ආයිත් දාන්නම් 



2 comments:

  1. එල ඉක්මනින් දාමු.සහෝ මම කලින් පෝස්ට් එකේ පොඩි ප්‍රස්ණයක් ඈහුවා.ඒකටත් උත්තර දුන්නනම්

    ReplyDelete
  2. ඒ කියන්නෙ මේකත් ජාවා වගේ නේද? :)
    හරි එහෙනම් ඉතුරු ටිකත් ලියන්න කෝ පුලු පුලුවන් ඉක්මනට.
    :)

    ReplyDelete