Pages

Sunday, September 5, 2010

ඔන්න දෙවැනි පාඩමත් දැම්මා...

අපි PHP කේතයක් ලියුවට අපි තාම PHP වල තියෙන ගතිලක්ෂන (Characteristic's ) ටික ඉගෙන ගත්තේ නැහැ නොවැ තව ටිකෙන් එක අමතක වෙනවා

1. මෙක සාමාන්‍යයෙන් Case-Sensitive Language එකක් (හැම වෙලාවකම නෙමයි හොදේ...) ඒ කියන්නේ ඔයා ලියන එකේ කැපිටල් සිම්පල් අකුරු අනුව Code එක වෙනස් වෙනවා
දැන් ඉතින් අපිට Case Sensitive වෙන තැන් සහා නොවෙන තැනුත් හොයලා බලන්න වෙනවා එකත් මහ කරදරයක් නේද.?..

Case Sensitive නොවෙන තැන් .... ( ඒ කියන්නේ Case Insensitive වෙන තැන්)

  • User-Defined classes and functions (ඒ කියන්නේ අපි හදන classes සහා functions)
  • Built-in Constructs and Keywords (ඒ කියන්නේ PHP ඇතුලෙ තියෙන Constructs සහා Keywords)
උදාහරණයක් ගත්තොත් අපිට echo එක මෙහෙම ලියන්න පුලුවන් මේ සේරම වැඩ කරනවා

echo "hello, world"; 
EcHo "hello, world";
ECHO "hello, world"; 

Case Sensitive වෙන තැන්
  • Variable අනිවාර්යයෙන් ම Case-Sensitive

උදාහරණයක් ගත්තොත් අපි මෙ වගේ variables ටිකක් හදා ගත්තොත්
$name, $NAME$NaME මෙවා එකිනෙකට වෙනස් Variable තුනක් අපි මෙවා පස්සේ හදනවා එක නිසා බය වෙන්න එපා Ok


2. සෑම ප්‍රකාශනයක්( අවසානයේ අනිවාර්යයෙන්ම අගට Semicolon(;) දැමිය යුතුයි.


තව තොගයක් තියෙනවා එත් දැනට ඔය ඇති..ඉතුරු ටික පස්සේ ආයිත් දාන්නම් 



Thursday, September 2, 2010

ඔන්න පළමු පාඩම ආවෝ..

මුලින්ම PHP  File එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු.

ඉස්සෙල්ලාම Notepad එකක් Open කරගන්න ඔනේ
Click -Start> All Programs >Accessories>Notepad

ඉට පස්සේ එකට PHP tag එක දාගන්න ඔනේ එකත්  මෙහෙම දාගත්තනම් හරි..

දැන් ඉතින් code ලියන්න පටන් ගමු







දැන් hello world එකක් print කරලා බලමු








දැන් ඔක Save කරන්න ඔනේ ඔන්න දැන් තමයි ප්‍රශ්නේ කොහෙද මෙක Save කරන්නේ කියලා
එකට ඉතින් පොඩි වැඩ ටිකක් කරගන්න ඔනේ අපි දැන් එ එකින් එක කරන්නේ කොහොමද කියලා බලමු

හරි අපි දැන් MS Windows උඩ වැඩ කරන PHP, Apache,MySQL  ඔය ඔක්කොම configure වෙලාම තියෙන Software එකක් දාගමු ඒ වගේ එකක් තමයි WAMP කියලා කියන්නේ

http://www.wampserver.com/en/download.php මෙතන කොටලා එක බාගන්න
ඉතින් ඉට පස්සේ ඔක Double Click  කරලා Next,Next කරලා Install කරගන්න

හරි දැන් C Drive එක අතුලේ WAMP කියලා Folder හැදිලා තීයෙනවද බලන්න එහෙනම් එල.
දැන් අපි මුලින් ලියපු Notepad එක Save කරන්න වෙලාව හරි
එකේ File >Save ගිහිල්ලා C:\wamp\www ඇතුලේ එක Save කරන්න
හැබැයි File Name දෙනකොට මෙන්න මෙහෙම දෙන්න Lesson1.php













ඔන්න දැන් ඔක්කොම හරි දැන් ඉතින් File එක  RUN කරන්න තමයි තියෙන්නේ
එකත් හරි ලෙසියි Browser එක අරගෙන එකේ Address Bar එකේ http://localhost/lesson1.php  මෙන්න මෙහෙම කරාම Hello world කියලා Display වෙන්න ඔනේ





අම්මො.. ඔන්න එකත් ඉවරයි..එහෙනම් අපි ගියා ටටා..

Tuesday, August 31, 2010

PHP මුල සිට සරලව..

PHP කියන්නේ ඉගෙන ගන්න හරි ලේසි Server Side Scripting Language එකක්. මෙකේ තේරුම
තමයි PHP: Hypertext Preprocessor මෙක ඇත්තටම RUN වෙන්නේ web server එකේ 
හොදටම ප්‍රසිද්ධ web server එක තමයි Apache කියල කියන්නේ


PHP ගැන Wikipedia වලින් කියවන්න ඕනේ නම් http://en.wikipedia.org/wiki/Php මෙතන Click කරන්න